Responsive Ad Slot

SPORTS

news

TRENDS

news

PHOTOS

news

LIFESTYLE

news

VIDEO

news

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි

No comments 0


බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.


අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


බෝම්බ බියක් ඇති බවට යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වාර්තා කර තිබේ.


ඒ අනුව ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ලබාදී ඇත.


මගීන් 156 දෙනෙකු රැගත් ගුවන්යානය එරට වේලාවෙන් උදෑසන 9.15ට ගුවන් ගතවී ඇති අතර, එය උදෑසන 11.38ට ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆුකෙට් ගුවන්තොටුපළ තුළ හදිසි අවස්ථාවක් සඳහා සූදානම් බවය.

රජයේ ඩිජිටල් ආර්ථික වැඩසටහනට සමගාමීව දියත් කළ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික ආර්ථිකයක සිට ඩිජිටල් ආර්ථිකයට මංපෙත් විවර කළ Maris Panorama 2025

No comments 0

 


ඩිජිටල් ආර් ථිකය පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිලිවෙලට සමගාමීව මීගමුව මාරිස්ටෙලා විදුහල් ආදි ශිෂ්‍ය (OBA) විසින් වර් තමාන ආර් ථිකයේ සිට ඩිජිටල් ආර් ථිකය දක්වා වූ පරිවර්තතනය යන තේමාව යටතේ Maris Panorama 2025 වාර් ෂික සංකථනය සහ සාකච්ඡා මණ්ඩපය මෙවර සංවිධානය කරන ලදි. මෙම උත්සවය 2025 ජුනි 6වන දින ග්‍රෑන්ඩීසා හෝටලයේදී පැවැත්වින. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ඩිජිටල් ආර් ථිකය පිලිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපපදේශක ආචාර් ය හාන්ස් විජේසූරිය සහ ඩිජිටල් ආර් ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු සහභාගී වූහ.


තාක්ෂණය සහ නවෝත්පාදනයන් භාවිතා කරමින් ශ‍්‍රී ලංකාව සිය ආර්ථිකය සහ නීති ව්‍යුහයන් නවීකරණය කළ යුතු ආකාරය අවධානය යොමු කිරීම මෙහි තවත් අරමුණක් විය.


මෙම අවස්ථාවට රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙම නියෝජනය කරන කීර්තිමත් නායකයින් හා ප‍්‍රධාන පාර්ශවකරුවන් රැසක් සහභාගී වනු ඇති අතර ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී ශ‍්‍රී ලංකාව මුහුණ දිය හැකි අවස්ථා සහ ගැටළු පිළිබඳව එහිදී ඔවුන් සාකච්ඡා කරන ලදි.


මෙහි ප‍්‍රධාන දේශනය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් පවත්වන ලදි. ඉන්පසුව පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහා:


ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ‍්‍රී ධනපාල


ජ්‍යෙෂ්ඨ ප‍්‍රතිපත්ති විශ්ලේෂක මහාචාර්ය රොහාන් සමරජීව


හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජය විජේමාන්න


ඔමේගා ලයින් හි කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප‍්‍රනාන්දු


නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප‍්‍රනාන්දු


සාකච්ඡාව මෙහෙයවීම: Daily FT පුවත් පතේ ප‍්‍රධාන කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නිස්තාර් කාසිම් යන මහත්වරුන් සහභාගී වූහ.


මෙම සාකච්ඡාව ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය සඳහා වැදගත් වන ප‍්‍රධාන මාතෘකා හතරක් ආවරණය කරන ලදි.


ඩිජිටල් ආර්ථිකය සහ එහි ප‍්‍රධාන කොටස් අවබෝධ කර ගැනීම

ගෝලීය වෙළෙඳපොල තාක්ෂණය සහ දත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන විට, ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් අත්‍යවශ්‍ය වේ. ශ‍්‍රී ලංකාවේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය අන්තර්ජාල පද්ධති, ආරක්ෂිත ගෙවීම් ක‍්‍රම, දත්ත කළමනාකරණය සඳහා නීති සහ නවෝත්පාදනය සඳහා අවකාශයන් වැනි සාදක පිළිබඳව මෙම විද්වත් මණ්ඩලය විසින් සාකච්ඡාව කරන ලදි.


ඩිජිටල්කරණයේ අභියෝග සහ ඒවා ජය ගන්නේ කෙසේද

ඩිජිටල් පරිවර්තනය බොහෝ ප‍්‍රතිලාභ ගෙන දුන්නද, එය යටිතල පහසුකම් නොමැතිකම, අපැහැදිලි නීති, කුසලතා නොමැතිකම සහ වෙනස් වීමට අකැමති  වීම වැනි ගැටළු සමඟ ද පැමිණේ. රජය සහ ව්‍යාපාර අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම, නව කුසලතා ඇති පුද්ගලයින් පුහුණු කිරීම සහ ප‍්‍රතිපත්ති යාවත්කාලීන කිරීම මගින් මෙම ගැටළු විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය.


ඩිජිටල් ආර්ථිකයක් ජනතාවට සහ රටට උපකාර වන්නේ කෙසේද?

හොඳින් ක‍්‍රියාත්මක කරන ලද ඩිජිටල් උපාය මාර්ගයක් මඟින් ඩිජිටල් ආර්ථිකයකට ඵලදායිතාව වැඩි දියුණු කිරීමට, රජයේ සේවාවන් වඩා හොඳ කිරීමට, මූල්‍ය පද්ධතියට වැඩි පිරිසක් ඇතුළත් කිරීමට සහ නව රැකියා නිර්මාණය කිරීමට හැකිය. මෙම ප‍්‍රතිලාභ මගින් ජනතාවගේ ජීවිත සෘජුවම වැඩිදියුණු කළ හැකි ආකාරය, කලාප අතර වෙනස්කම් අඩු කළ හැකි ආකාරය සහ රට වඩාත් ස්ථාවර තත්වයට පත් කළ හැකි බව විද්වත් මණ්ඩලය විසින් පෙන්වා දෙන ලදි.


ඩිජිටල් ආර්ථික පනත සහ එහි තේරුම

ශ‍්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික පනත නමින් නව නීතියක් සකස් කරමින් සිටී. මෙම පනත මගින් ඩිජිටල් ගනුදෙනු, දත්තවල රහස්‍යභාවය, ඩිජිටල් හැඳුනුම්පත් සහ සයිබර් ආරක්ෂාව සඳහා නීති රීති සපයනු ඇත. මෙම පනත ව්‍යාපාර, කර්මාන්ත සහ රජයේ මෙහෙයුම්වලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පැහැදිලි කලේය.


1928 දී ආරම්භ කරන ලද මාරිස් ස්ටෙලා ආදි ශිෂ්‍ය සංගමය  වසර 97 ක ප්‍රෞඩ ඉතිහාසයක් සමඟින් ලොව පුරා සිටින ආදි ශිෂ්‍යයින් එකට සම්බන්ධ කරමින් සිටී. කොළඹ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ  ඔස්ට්‍රේලියාව යන රටවල ශාඛා ඇති එම සංගමය ශ‍්‍රී ලංකාවේ වර්ධනයට සහාය වීම සඳහා ගෝලීය වශයෙන් වෘත්තිකයින් සම්බන්ධ කිරීමට උපකාරී වේ.


වැඩිදුර තොරතුරු හෝ මාධ්‍ය විමසීම් සඳහා අමතන්න:


ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 212ට නවතියි

No comments 0

 


දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද (11) ආරම්භ වූ ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම පන්දුවාර 56.4කදී ලකුණු 212කට සීමාවිය.


ඔස්ට්‍රේලියානු ඉනිමේ 6වන කඩුල්ල මුලු ලකුණු 192ක් වද්දී බිඳවැටුණු අතර, ඉන් අනතුරුව ඉනිමට තවත් ලකුණු 20ක් පමණක් එක්වද්දී ඉතිරි කඩුලු 4 දවාගැනීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.


එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා ලකුණු 51කට කඩුලු 5ක් දවාගත්තේය.


ඊට අමතරව මාර්කෝ ජැන්සන් කඩුලු 3ක් දවාගත් අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දුවාර 14කදී ලකුණු 49ක් ලබාදුන්නේය. 


ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් Beau Webster පන්දු 92කට මුහුණදෙමින් ලකුණු 72ක් රැස්කළේය.


එමෙන්ම ස්ටීවන් ස්මිත් ඉවසිලිවන්ත ලකුණු 66ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 112කට මුහුණදුන්නේය.


කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමුව පන්දු යැවීම තෝරගත්තේය.

ගුවන්යානා අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි

No comments 0


 ඉන්දියාවේ අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කළ බව ගුවන් සේවයේ හිමිකාරීත්වය දරණ ටාටා සමූහය පවසයි.


ගුවන් අනතුර සම්බන්ධයෙන් X සටහනක් තබමින් එහි සභාපති එන්.චන්ද්‍රසේකරන් මහතා මේ බව සඳහන් කර ඇත.


ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වුණි.


එයාර් ඉන්දියා ගුවන් සේවාවට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් ඊයේ අහමදාබාද් ගුවන්තොටුපොලේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලයන් 242 දෙනකු සමඟිනි.


යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් පස්වරු 6.25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට නියමිතව තිබුණි.


කාර්යමණ්ඩලයේ 12 දෙනාට අමතරව එහි මගීන් 230 දෙනකු සිටි අතර බිලිඳුන් දෙදෙනකුද ඒ අතර විය.


ගුජරාට් හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කර මිනිත්තුවකට වැඩි කාලයක් සිය ගමන යාමට එම යානයට හැකි වූයේ නැත.


පොළොව මට්ටමින් අඩි 625ක් ඉහළ අහසේදී අනපේක්ෂිත අයුරින් එහි ගමන නිමා කරගනිමින් යානය කඩාවැටුණි.


යානය කඩාවැටී තිබුණේ අහ්මදාබාද් ආසන්න මෙඝානි නගර් හි පිහිටි BJ වෛද්‍ය විද්‍යාලීය සිසු නේවාසිකාගාරයක් මතටය.


ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේ අසීරුතාවක් පෙන්නුම් කර තිබූ බවත් එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක් ද නිකුත් කර තිබූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.


කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.


අනතුරින් දිවි බේරා ගත්තේ එක් මගියෙකු පමණි.


ඔහු යානයේ  11A ‍අසුනේ රැඳී සිටි මගියා වන අතර යානයේ හදිසි පිටවීම් දොර වෙත ඉක්මනින් ළඟාවීමට එම අසුන පිහිටා තිබූ ස්ථානය ඔහුට උපකාර වී ඇති බව සඳහන් ය.


තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්

No comments 0

 


ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.


තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

No comments 0


අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුණත් ලංකාවේ ලිට්රෝ පාරිභෝගිකයාට සහනක්.



මාසික ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.

සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.



රට හදන්න හරිම තැනට ඇනේ ගැහුවේ කවුරුත් හිතපු නැති කෙනෙක්..?

 

පසුගිය කාලේ කවුරුත් දන්නවා ලංකාවේ ආර්ථික තත්ත්වය එතරම් ප්‍රගතිගාමී තත්වෙක තිබුණේ නැහැ කියන දේ. ආර්ථිකය කොයි තරම් අවපාතයකට ලක්වුනාද කියනවනම් පෝලිම් සංකල්පයක් ලංකාව පුරාවටම බිහි වුණා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට ගෑස් ටික හිඟ වෙද්දි ඒ වෙනුවෙන් පෝලිම් නිර්මාණය වෙද්දී පෝලිම්වල හිටගෙන ඉන්න මිනිස්සු එතනම මිය යද්දි බලාගෙන හිටපු නායකයන් හිටපු රටක් තමයි ලංකාව කියන්නේ.

පෝලිම් යුගයට තිත තබමින් ඒ හැමදේම හදන්න පුළුවන් කියන අභියෝගය බාර ගත්තේ ගරු ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා. එතුමාගේ සංකල්පය සහ දැක්ම අනුව ඉතාමත් සුළු කාලයකින් ගෑස් වෙනුවෙන් පාරක් පාරක් ගානෙ තිබ්බ පෝලිම් යුගය නිමා වුණා. ඒ වගේම මහා බැංකු අධිපති ලෙස කටයුතු කළ නන්දලාල් වීරසිංහ මහතාත් මේ ක්‍රියාවලියේ කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කළ චරිතයක්.

අද හැමෝම සද්ද නැතුව ඉන්නේ ගෑස් ටික තෙල් ටික නිසි වෙලාවට හම්බවෙන නිසා. බැරිවෙලාවත් මේ දේ කරගන්න බැරි උනානම් තාමත් අරගලය ඉවර නෑ. ඉතින් රට අද තියෙන තත්වෙට ගේන මේ ක්‍රියාවලියේ පිටිපස්ස ඉදන් අතිවිශාල මෙහෙයක් සිද්ධ කරේ ගෞරවනීය ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියන දේ සිහිපත් කළ යුතුමයි. එනිසාම වෙන කාටවත් වඩා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව ගෞරවනීය උපහාරය එතුමාට හිමි විය යුතුමයි. එතුමා එදා අවශ්‍ය තීරණය නිසි වෙලාවට ගත්තේ නැත්නම් ශ්‍රී ලංකාවත් අද පුංචි වෙනිසියුලාවක් වෙන්න තිබුනා.

ලිට්රෝ ගෑස් මිලේ කිසිම වෙනක් වෙන්නේ නෑ.

 

ලිට්රෝ සමාගම විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ සෑම මසකම මුල් සතියේ සිදුකරන මිල සුත්‍රයට අනුව මිල ගැලපීමේ මාධය නිවේදනයයි.  

"ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ඉහල යමක් සිදු වූවත් ලිට්රෝ සමාගම දේශීය ගෑස් මිල ඉහළයාමක් සිදු නොකරන බවත්, මනා කලමනාකරණය හා ලෝක වෙළඳපොලේ එල්. පී. ගෑස් මිල ඉහළයාමට පෙර ගෑස් තොග ඇනවුම් කිරීමත් නිසා මෙම සහනය පාරිබෝගිකයන්ට ලබාදීමට හැකියාව ලැබුණු බවත් ලිට්රෝ සමාගමේ සභාපති හා ප්‍රධාන විදායක නිලධාරී මුදිත පිරිස් මහාතා අප කල විමසීමකදී වැඩිදුර විස්තර පවසා සිටියා."

ඒ අනුව ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාල) ජුලි මාසයේ පැවති මිල ගණන් අගෝස්තු මාසය සඳහා වලංගු වන බව ලිට්රෝ සමාගමේ නිවේදනය කර සිටිනවා. 12.5Kg සිලින්ඩරයක මිල රුපියල් 3690/= ක් වන අතර 5kg සිලින්ඩරයක මිල 1482/=ක් වනවා. 2.3kg සිලින්ඩරයක මිල 694/=ක් ලෙස මෙම මාසය තුල මිලදීගැනීමට හැකියාව පවතිනවා.

ජුලි මාසයේ දී ද ලිට්රෝ සමාගම ගෘහස්ත ගෑස් මිල අඩුකිරීමක් සිදුකලා. ඒ අනුව 12.5kg ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් හා  5kg ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කිරීමක් වුනා ඒ වගේම 2.3kg ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩු කිරීමක් සිදු වුනා.

මිට වසර දෙකකට පෙර විශාල ලෙස පාඩු ලැබූ අස්ථාවර රජයේ ආයතනයක් මෙලෙස ස්ථාවර ආයතනයක් වීම හා පාරිබෝගිකයන්ට සහන සැලසීම රජයේ අනෙකුත් ආයතනයන් වලට පුර්වාදර්ශයක් සපයනවා නොඅනුමානයි.




අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව මිල අඩුවූ භාණ්ඩ ලැයිස්තුව පහතින් දක්වා ඇත.

සතොස කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910කි

මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වූ අතර නව මිල රුපියල් 965කි.

හාල්මැස්සන් කිලෝවක පැවති මිල  රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950කි

ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285කි

කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444කි

පාන් පිටි කි‍ලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185කි

සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258කි

සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල  රුපියල්199කි 

පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185කි

© all rights reserved
Designed by IDAPZ