Responsive Ad Slot

ගම්පහ පාසලක කැන්ටීමෙන් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් තොගයක් හමුවෙයි

 


පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන ආ බවට සැකකරන අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් තොගයක් ගම්පහ මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාවේ සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (05 දා) පෙරවරුවේ සොයාගෙන ඇත.


මෙම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මල්වතුහිරිපිටිය පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සහ මත්කරල් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.


මෙම පාසලේ ඇතැම් දරුවන් කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතයට ඇබ්බැහි වී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර තිබිණි.


ඒ අනුව ඊයේ උදෑසන පොලිස් කණ්ඩායමක් එම පාසල වෙත ගොස් සිදුකළ විමර්ශනයකදී ආපනශාලාවේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් 38 ක් සොයාගැනීමට හැකි විය.


මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.


ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත මල්වතුහිරිපිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපති ඒ. විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

බොරැල්ලේ පෞද්ගලික රෝහලක කරපු අහස පොළව නුහුළන අපරාධය

 




රෝහලේ ලොක්කන්ට රට යෑම තහනම්

මේ වසරේ කරපු වකුගඩු සැත්කම් 52 ගැනත් විමර්ශන


ප්‍රධාන තැරැව්කරුත් රිමාන්ඩ් බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් මූලික කරගෙන සිදු කළේ යැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තැරැව්කරුවකු ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (06දා) නියෝග කළාය.


පැමිණිලිකරුවන්ගේ වකුගඩු ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකර ඇතැයි කියන එම පෞද්ගලික රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු අධ්‍යක්‍ෂවරුන් 06 දෙනකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයාට හා බුද්ධි අංශ නිලධාරීන්ට යැවීමට ද නියෝග කළාය. එම තැරැව්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කොට ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය. එම නඩුව ඊයේ (06දා) කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වන දිළිඳු පුද්ගලයන් හමුවී ඇති තැරැව්කරු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් එක් වකුගඩුවක් සඳහා රුපියල් ලක්‍ෂ 50 සිට ලක්‍ෂ 120 දක්වා මුදල් ගෙවන බවට පෙන්වා සුබ සිහින මවා එලෙස වකුගඩු ලබාගෙන ඇතැයි අධිකරණයට පෙන්වා දුන්නේය. පසුගිය අගෝස්තු 03 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා වූ කාලය අතරතුර වයස අවුරුදු 30-42 අතර වයසේ පසුවන කාන්තාවක් ඇතුළු හයදෙනකුගෙන් එලෙස වකුගඩු ලබාගෙන ඇතත් ඔවුනට පොරොන්දු ප්‍රකාරව මුදල් ගෙවා නොමැති බවත් ඉන් කෝපයට පත් එම පිරිස පසුගිය 17 වැනිදා එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.


එම අවස්ථාවේදී එම පිරිස බොරැල්ල ප්‍රදේශයේම පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය අසලට කැඳවාගෙන පැමිණ ඇති මේ වනවිටත් පොලිස් සේවයේ යෙදී සිටින එක්තරා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු එක් අයකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ලබාදී මින්පසු එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කළහොත් අතපය කඩන බවට තර්ජනය කර යළිත් මුදල් ඉල්ලා නොසිටින බවට සඳහන් කළ දිවුරුම් ප්‍රකාශවලට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය. පොලිස් නිල ඇඳුමෙන් සැරසී එලෙස එම රෝහල ආරක්‍ෂා කිරීම සඳහා පෙනී සිටි එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා අධිකරණයට පෙන්වා දුන්නේ එලෙස එකඟවූ පරිදි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හයදෙනා අතරින් එක් පුද්ගලයකු ඔහුගේ වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන එක්තරා සුප්‍රකට මහාචාර්යවරයකුට බද්ධ කිරීම සඳහා බවත් එම පැමිණිලිකරුට රුපියල් ලක්‍ෂ 95ක් ලබාදෙන බව පවසා ඇතත් එම මුදල ලබාදී නැතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එම අධ්‍යක්‍ෂ මණ්ඩලය පරීක්‍ෂණවලින් මගහැර රටින් පලායෑමේ අවදානමක් පවතින බැවින් විදේශ ගමන් තහනම ඉල්ලා සිටින්නේ යැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පෙර කී පුද්ගලයන්ට සිදුකළ වකුගඩු ඉවත් කිරීමේ සැත්කම්වලට අමතරව එම පෞද්ගලික රෝහලේදී මෙම වසර තුළදී පමණක් වකුගඩු ඉවත් කිරීමේ හා බද්ධ කිරීමේ සැත්කම් 52ක් සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් ද වැඩිදුරටත් විමර්ශන සිදුකරන්නේ යැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.


මෙලෙස අහිංසක ජනතාව රවටා ලබාගන්නා වකුගඩු දේශීය හා විදේශීය වශයෙන් ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයක් ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2022.11.21 වැනිදා දෙරණ රූපවාහිනියේ උකුස්සා නමැති වැඩසටහන කළ අනාවරණයක් අනුව ඒ සම්බන්ධයෙන් තොරතුරු සමාජගත වූ බවද පෙන්වා දුන්නේය. නීතිඥ වෘත්තියට වඩා වෛද්‍ය වෘත්තිය උතුම් බව සමාජය තුළ මතයක් ඇති බවත් ජීවිත සුරැකීමට කැපවිය යුතු වෛද්‍ය වෘත්තිකයන් එවැනි කූට ජාවාරමකට සම්බන්ධවීම සෝචනීය බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


ඒ. ජේ. ඒ. අබේනායක

පාසල් අසල ගැවසෙන කුඩ්ඩන් අල්ලන්න එස්ටීඑෆ් එක ගේමට බහියි










පාසල් දරුවන් මතට හුරුකරමින් පාසල් අසල මත්පෙති වර්ග ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.


නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මේ සඳහා වැඩිපුර නිලධාරීන් පිරිසක් යෙදවීමේ අදහසින් බන්ධනාගාර පරීක්‍ෂාවට සහ අධිවේගී මාර්ග රාජකාරි සඳහා යොදවා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි කැඳවීමට කටයුතු කර ඇත.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 0112580518 යන දුරකථන අංකය වෙන් කෙරුණු බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.


දවසේ පැය 24 පුරාම ජනතාවට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු එම දුරකථන අංකය ඔස්සේ ලබාදිය හැකි අතර, තොරතුරු ලැබී විනාඩි කිහිපයක් තුළ මෙහෙයුම් දියත් කිරීමට විශේෂ කාර්ය බළකායේ සියලු කඳවුරු සූදානම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සමන් ගමගේ

ලංකාවේ සිදුවෙන මිනිස් අවයව ජාවාරම ගැන තවත් රහස් එළියට

 


බොරැල්ල රෝහලේ වෘෂණ කෝෂ ජාවාරම ගැන පුළුල් විමර්ශනයක්තරුණයකුගේ වෘෂණ කෝෂයට ලක්‍ෂ 70 ක ලන්සුවක්මෙහෙම කාටවත් අවයව විකුණන්න බැහැ

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

එම රෝහලේ මෙම ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම රෝහලේ සිදුකරන බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තවදුරටත් සොයා බැලීමේදී එහිදී වෘෂණ කෝෂ ජාවාරමක්ද සිදුවෙමින් ඇතැයි අනාවරණය වී ඇත.

එම රෝහලට වකුගඩු ලබාදීමට පුද්ගලයන් හඳුන්වා දුන් ‘බායි’ නමින් හඳුන්වන ප්‍රධාන තැරැව්කරු වෘෂණ කෝෂ ලබාදීම සඳහා ද පුද්ගලයන් කැඳවාගෙන පැමිණ ඇතැයි ද හෙළිවී තිබේ.

එලෙස ලබාදෙන වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්‍ෂ 70 ක ලන්සුවක්ද එම තැරැව්කරු විසින්ම තබා ඇත.

‘බායි’ නමැත්තා විසින් එලෙස මුදල් ලබාදෙන බවට පොරොන්දු වූ බව කියන තරුණයෙක් මාධ්‍යයට කරුණු රැසක් අනාවරණය කළේය. සිය අගහිඟකම් පියවා ගැනීමටත් නිවසක් මිලදී ගැනීමටත් තමා වෘෂණ කෝෂයක් ලබාදීමට එකඟ වූ බව ඔහු මාධ්‍ය හමුවේ පැවසීය. වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට එම රෝහල මගින් මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා පසුව තම වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

වෘෂණ කෝෂයක් ලබාදීමට සූදානමින් සිටි තරුණයා මාධ්‍ය හමුවේ මෙසේ පැවැසීය.

‘මල්ලී වකුගඩුවක් දුන්නා බායි කියන එක්කෙනාට. බොරැල්ල හොස්පිටල් එකේ. රුපියල් ලක්‍ෂ 22 ක් දුන්නා. ලක්‍ෂ 32 ක් දෙනවා කියලා පස්සේ ලක්‍ෂ 22 යි දුන්නේ. මල්ලිගේ සල්ලි මගේ අතට තමයි දුන්නේ. හොස්පිටල් එකේ ඇතුළේ තුන්වැනි තට්ටුවේ කාමරේදී සල්ලි දුන්නේ.

මල්ලි දුන්නු නිසා මටත් ණය තියෙන හින්දාත් ගේ කෑල්ලක් ගන්න ඕනෙ හින්දාත් මමත් දෙන්න හිටියා. දෙන්න යනකොට මගේ ඇඟ බර වැඩියි ඇඟ බස්සව ගන්න කියල කිව්වා. ඊට පස්සේ බායි මගෙන් ළමයි ඉන්නවද කියලා ඇහුවා. මම ඔව් කිව්වා.

ඔයා කැමතිද වම් පැත්තේ වෘෂණ කෝෂය දෙන්න රුපියල් ලක්‍ෂ 70 ක් දෙන්නම් කිව්වා. මම කැමති වුණා. මම ඇහුවා කොහේ හොස්පිටල් එකේද කියලා. මල්ලි වකුගඩුව දීපු හොස්පිටල් එකේ කරන්නේ කිව්වා. මම රුපියල් ලක්‍ෂ 70 කට දෙන්න කැමති වුණා. ලක්‍ෂ 70 ක් දෙන්නම් මේක ඉස්පිරිතාලේ කරමු කිව්වා.

මේක දුන්නට පස්සේ ළමයි හම්බවෙන්නේ නැහැ කැමතිද කියලා ඇහුවා. සල්ලි හම්බවෙන හින්දා ණය තියෙන හින්දා මම කැමතියි කිව්වා.

මෙම වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මේ ආකාරයෙන් කාටවත් ශරීරයේ අවයව මුදලට විකුණන්න බැහැ. මේ රෝහලේ වකුගඩු හා වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා කොළඔ අපරාධ කොට්ඨාසයෙන් පරීක්‍ෂණයක් පවත්වාගෙන යනවා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමක් පත්කර තියෙනවා. ඒ වාර්තාව ලැබුණාට පස්සේ ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියාසිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිලි හයක් ලැබී ඇති බවයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ඇන්ටන් ප්‍රනාන්දු


පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් නිවසේදී ගෙළ වැළලාගෙන

 




පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක කඩුගන්නාව, පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ගෙළ වැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තාවේ.


මෙය සිදුව ඇත්තේ සෙනසුරාදා (3) දහවල් කාලයේය. 54 හැවිරිදි දෙදරු මවක වන මෙම වෛද්‍යවරිය සැමියා හා දරු දෙන්නා සමග මෙම නිවසේ වාසය කරමින් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වෛද්‍යවරියගේ පුත්‍රයා පවසා ඇත්තේ තමා නිවසේ එදින සිටි බවත් දහවල් වනතුරු නිදා සිටි බවත් අවදිවී මව සොයා යාමේදී අනපේක්ෂිත ලෙස මව කාමරයේ ගෙළ වැළලාගෙන සිටියදී හමුවූ බවත්ය. සිරුර හමුව ඇත්තේ දහවල් 12.30 ට පමණය.



සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මව හා පුත්‍රයා පමණක් වන අතර නිවසින් බැහැර ගොස් සිටි වෛද්‍යවරියගේ දියණිය නැවත නිවසට රැගෙන ඒම පිණිස වෛද්‍යවරියගේ සැමියා පිටතට ගොස් තිබුණි.පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරිය හදිසියේ දිවි නසාගත් හේතුව තවම අනාවරණය නොවේ.


සිද්ධිය වන අවස්ථාවේ නිවසේ වෙනත් කාමරයක නිදාගෙන සිටි පුත්‍රයාට මවගේ ගෙළ වැළලාගැනීම අහම්බයක් වී තිබූ අතර  වෛද්‍යවරියගේ පුතාගෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කර තොරතුරු ලබාගෙන ඇත. වෛද්‍යවරිය පරිහරණය කළ දුරකථනය,



පරිගණකය හා ඇගේ පුද්ගලික ලියවිලි පිලිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබේ.මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී.පී. සේමසිංහ මහතා සිදු කරන අතර මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා සිදු කරනු ලබයි.

 කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙයි.

ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු ජනප්‍රිය නළුවෙක් එක්ක තිබ්බා කියන ලිංගික හුට පටය හෙළි කරයි



ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු ඇය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා ගැන ඇත්ත නැත්ත ළඟදී පුවත්පතකට හෙළි කළා. ඇය මෙසේ කියයි.


තරින්දි ඔබ ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධතාවක් තිබුණා කියලා පැතිරෙන කතාව මොකක්ද?


මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා මං ගැන කටකතා රාශියක් පැතිරිලා තියනවා. එක් කටකතාවක් තමයි මම ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධතාවක් පැවැත්වූවා කියලා. තවත් සමහරු කියන කතාවක් තමයි මම නළුවෙක් සමග හොර රහසෙම විවාහවෙලා මේ වෙද්දි එම විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නවා කියලා. මට කියන්න තියෙන්නෙ මේ කතා හැම එකක්ම පට්ටපල් බොරු කියලා. ලිංගික සම්බන්ධතා පවත්වන්න living together ඉන්නවත්, කාටවත් නොකියා හොර රහසේ විවාහ වෙන්නවත් මට අවශ්‍යතාවක් නැහැ. නමුත් මට ප්‍රේම සම්බන්ධතා නම් තිබිලා තියනවා. ජීවිතයේ වුණු විවිධ හැළහැප්පීම් නිසා ඒ ප්‍රේම සම්බන්ධතා බිඳවැටුණු අවස්ථාද මගේ ජීවිතයේ තිබිලා තියනවා.


ගින්නක් නැතුව එහෙම දුමක් නගියිද?


ගිනිගන්නෙ නැතුව එහෙම බොරුවට නගින මීදුම නම් ඕන තරම් තියනවා. මිනිස්සුන්ගෙ ජීවිතවලට අපහාස කරලා සතුටුවෙන්න බලාගෙන ඉන්න අය තමයි මේ විදිහෙ කතා හදන්නෙ.


පසුගිය දවසක ඔබ මුහුණු පොතේ ආදරය සහ නිදහස ගැන ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා. නිදහස නැති නිසා ඔබ ආදරය අත්හැරියද?


මම මුහුණු පොතේ ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා ‘ආදරය නිදහස් කළා, නිදහසට ආදරය කරමි’ කියලා. සමහරු මේ ප්‍රකාශය ගැන වැරදියට හිතලා කතාවක් හදලා තිබුණා නිදහස නැති නිසා මම මගේ පෙම්වතාව අතෑරියා කියලා. ඒක මගේ හිතට ආපු අදහසක් මත ලියපු සටහනක් මිසක මගේ ආදරය අත්හැරීම ගැන ප්‍රකාශයක් නෙවෙයි. ආදරයේදි මට නිදහස අහිමිවුණ අවස්ථා නැතුවාම නෙවෙයි. නමුත් ඒ ප්‍රකාශය එවැනි දෙයක් නිර්වචනය කරලා ලියපු එකක් නෙවෙයි.


ඔබ ප්‍රාර්ථනා කරන්නෙ මොනවගේ ආදරයක්ද?


මම බලාපොරොත්තු වෙන ඇත්ත පෙම්වතා තාම ඉන්නෙ මගේ හිත ඇතුළෙ.


ඔහුව සැබෑ ජීවිතයේදි තාම මට හමුවෙලා නැහැ. මම ආදරේදි පවුල් පසුබිම, රැකියාව, වත්පොහොසත්කම් බලන්නෙ නැහැ. මාව තේරුම් අරන් මගේ ගමනට සහයෝගය දෙන, දියුණු වෙන්න උත්සාහ කරන, ගතිගුණ හොඳ කෙනෙක්ව තමයි මම ආදරයේදි බලාපොරොත්තු වෙන්නෙ. පිරිමි අතරින් මේ තාක් එවැනි හොඳ මනුස්සයෙක් විදිහට මම දැක්කෙ මගේ තාත්තාව විතරයි. මගේ අම්මා මම පුංචි කාලෙදිම නැතිවුණා. තාත්තා තමයි තනියම මාව හදාවඩලා මේ තත්ත්වෙට ගෙනාවෙ. තාත්තාගෙ තියෙන පරාර්ථකාමී ආදරයට වඩා වෙන කිසිම ආදරයක් වටිනවා කියලා මම හිතන්නෙ නැහැ.


ඒ කියන්නෙ තරින්දි දැන්ම විවාහ වෙන්නෙ නැද්ද?


පෙම්වතෙක් හොයාගෙන විවාහ වෙන්න හදිස්සියක් මට නැහැ. මේ වෙද්දි මම මූලික තැන දීලා තියෙන්නෙ මගේ රංගන වැඩකටයුතුවලට. නමුත් මට ගැළපෙන හොඳ කෙනෙක් හමුවුණොත් ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන්කමකුත් තියනවා. ඉදිරියේදි අපි ඒ ගැන බලමු.









(ලක්ෂාන් ජයසූරිය)

රැකියාව නිසා ලංකාවේ කොල්ලෙක් ජීවිතය නැති කරගනී





 කොළඹ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනයක සේවය කරමින් සිටි මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී පරිගණක ඉංජිනේරුවෙකු අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ. ලියුමක් ලියා තබා සියදිවි හානි කරගෙන ඇති ඔහු හේතු වශයෙන් දක්වා ඇත්තේ රැකියා ආතතිය මත එල්ලවූ පීඩනය නිසා දිවි තොර කරගන්නා බවයි.


තණමල්විල ප්‍රදේශයේ සිට පැමිණි මිහිරාන් චතුරංග නමැති මෙම තරුණයා සේවය කරමින් සිටියේ Arimac නමැති ආයතනයේය. ඔහු හතර වතාවක් ඉල්ලා අස්වෙන්න උත්සාහ කර ඇතත් පවතින ගිවිසුම් නිසා නිසා එසේ කළ නොහැකි බවට ඔහුට එහි මානව සම්පත් අංශය දන්වා තිබී ඇත.


රාත්‍රී 10න් පසුවද සේවය වෙනුවෙන් ලැබෙන දුරකථන ඇමතුම් තිබීම (නිශ්චිතවම වෙන්වූ සේවා මුරයක් නොමැති වීම)නිවාඩු දිනවල ලැබෙන දුරකථන ඇමතුම් (නිවාඩු දිනයකද නිවාඩුවක් ලබාගැනීමට නොහැකිවීම)අන් අයගේ බාගෙට අවසන් කරන ලද ව්‍යාපෘති සහ අන් අයට පැවරෙන ව්‍යාපෘති තමාට පැවරීම (workload එක වැඩිවීම නිසා මානසික නිදහස අවම වීම)වැටුප් වැඩිවීම් සිදු නොවීම (කීපවතාවක් දැනුම් දීම් සිදුකරත් අවසානය වෙනතුරු පඩි වැඩි නොවීම)වැනි කාරණා ඔහුගේ කලකිරීමට හේතුවී තිබේ.


අමතර වැඩ බර, ආතතිය, වැඩ පීඩනය සහ අතිකාල වැඩ මත මානසික සෞඛ්‍යය සමබරතාව අහිමිවීමෙන් මෙලෙස ඔහු සිය වටිනා ජීවිතය අහිමි කරගෙන ඇති බවක් හදුනාගන්නට ලැබේ.


තණමල්විල ප්‍රදේශයේ සිට ඉහළින් උසස් පෙළ සමත්ව  මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය හිමිකරගෙන තිබුණ මිහිරාන් චතුරංග ඒයාර්මැක්හි සේවය කළේ මදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙසිනි.


තම ගැටලු  ගැනකීප වතාවක් ම ආයතන ප්‍රධානීන් දැනුවත් කළ ද එය පල රහිත වීම නිසා රැකියාවෙන් ඉල්ලා අස්වීමට හතර වතාවක් ඉල්ලා සිටියද සේවා ගිවිසුම් ආදිය පෙන්වමින් ආයතන ප්‍රධානීන් ඔහුව ආයතනයේ ම රඳවා ගැනීමට කටයුතු කර බැරිම තැන ඔහු මෙම තීරණය ගෙන තිබේ.





රති සුව වින්ද තරුණ තරුණියන් 429 ට එච්.අයි.වී


 පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී මෙරට එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇත. එම 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර එයින් 08 ක් කාන්තාවන් වන අතර ඉතිරි 140 පිරිමි පුද්ගලයන්ය.

සොරොව්වක සිරවී මැරෙන්න ගිය වල් අලියාට පිහිට වුන වනජීවී එකේ දෙවිවරු

 




පොලොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්‍රධාන ඇළට වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටුණු වල් අලියකු ඇළේ සොරොව්වක සිරවී සිටියදි පැය 8ක මෙහෙයුමකින් මුදා ගැනීමට වැලිකන්ද වනජීවීන් හා ප්‍රදේශවාසීහු කටයුතු කළහ.


එම වල් අලියා වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටි ජලයේ සැඩපහරට කිලෝමීටර් 17 ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, එහි සොරොව්වක පැයක පමණ කාලයක් සිරවී සිටි අලියා වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් ඉවත් කිරීමට උත්සාහ ගත්තද එම වන අලියා සොරොව්වෙන් ප්‍රපාතට වැටී ගසාගෙන ගිය බව වැලිකන්ද අඩවි සහකාර කේ.ඩී ජානක මහතා අප සමග කීවේය.


ටයර්, කඹ, යොදාගෙන වල් අලියා ස්ථාන දෙකකදී ගොඩගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ දැරුවද එය අසාර්ථක විය.


ඉබි යතුරු යොදා යකඩ සොරොව්ව වසා තිබුණු අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සොරොව්ව විවෘත කිරීමට පැමිණියද එම සොරොව්ව අක්‍රීය වීම නිසා වන අලියා සොරොව්වේ පැයක පමණ කාලයක් සිරවී සිටි බවත්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත, දැඩි උත්සාහයකින්, පසුව වැසි නොතකා අලියා සොරොව්වෙන් ඉවතට ගෙන එම අලියාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබුණු බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ,


(නිමල් ජයරත්න)

මගීන් 40කගේ ජීවිතය බේරු ලංකාවේ සුපර් මෑන්

 




ස්ප්‍රීංවැලි මේමලේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පෞද්ගලික බස්රථයක් අද (3) උදෑසන ඉබුල්ගොඩ දුම්බිලියාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමට ගිය අවස්ථාවේ එම අනතුර වළක්වා ගැනීමට එහි රියදුරුගේ දක්ෂතාව මත අනූනවයෙන් බේරාගෙන බස්රථය නවතා ගැනීම නිසා මගීන් 40කගේ  ජීවිත බේරුණු බව බදුල්ල පොලිසිය පවසයි. 

බස්රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි. 

බස්රථය ප්‍රපාතයට පෙරලී ගියේ නම් පහළ නිවාස කීපයක් මතට වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබිණ

එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකුණළා - වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරමක් හෙළිවෙයි





බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.


මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.


බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.


බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.


මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි 

(නිමන්ති රණසිංහ)

” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ ඔයා ගාව හරි සුවඳයි”




 පසුගිය මාර්තු මාසයේ කොළඹ ප්‍රදේශයේ පාසල් සිසුවකු කැටුව 60 වතාවක් හෝටල් වලට ගිය ගුරුවරියක ගැන පුවතක් වාර්තාවූ අයුරු ඔබට මතක ඇති.  පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය එම ගුරුවරිය අධිකරණයට ගෙන්වා දඩුවම් ලබාදී තිබුණි.ඊට තරමක් සමාන තවත් සිදුවීමක් වාර්තාවන්නේ හොරණින්ය.

හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක 42 හැවිරිදි තිදරු මවක වූ ගුරුවරියක තම පන්තියේ 15 හැවිරිදි සිසුවෙකු සමග පවත්වන්නට උත්සාහ කළ අනියම් ඇසුරක් එම සිසුවාගේ බාරකරුවන් මැදිහත්වී බේරාගෙන ඇති සිදුවීමක් වාර්තාවේ.

මෙම සිසුවාගේ දෙමාපියන් විදෙස් ගතව සිටින අතර ඔහු පාසල් පැමිණ ඇත්තේ පුංචි අම්මාගේ නිවසේ සිටයි.පුංචි අම්මාට රහසින් සිසුවා මෙම ගුරුවරිය සමග ඇසුරක් පවත්වමින් සිට ඇති අතර දෙන්නා අතර දුරකථන පණිවිඩ හුවමාරුවූ බව හෙළිව තිබේ. පාසලින් පිටත තැන්වලදී ගුරුවරිය හා සිසුවා මුණගැසීමට බියක් දක්වා ඇත්තේ දන්නා කියන අයට පෙනුනොත් ගැටලු මතුවන නිසාය.

මේ අතරවාරයේ සිසුවාගෙන් පුංචි අම්මාගේ නිවසේ කිසිවෙකු නොමැතිවන අවස්ථා දැනගෙන රහසේම නිවසට පැමිණ සිසුවා මුණගැසීමට ගුරුවරිය පුරුදුවී ඇත. මේ ආකාරයට දින කිහිපයක් ගුරුවරිය හා සිසුවා නිවසේ කවුරුත් නැතිවන වේලාවන්හි හමුව තිබී ඇති අතර එක් දිනක් මේ හොරය අතටම හසුවීම නිසා වැඩේ වැරදුණි.

එළියට ගිය පුංචි අම්මා හදිසියේ යමක් අමතකවී රැගෙන එන්නට යළි නිවසට පැමිණි අවස්ථාවකදී සැකකාර ගුරුවරිය සිසුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති බවත් ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ අවස්ථාවේ පුංචි අම්මා විසින් දැක තිබූ බවත් වාර්තාවේ.

එම අවස්ථාවේ තිගැස්සුණු ගුරුවරිය අහම්බෙන් නිවසට ආ බවක් හඟවා එතැනින් පිටව ගොස් ඇති නමුත් පුංචි අම්මා ඇතිවූ සැකයට වැඩිදුර සොයා බැලීමේදී සිසුවාගේ දුරකථනයේ ගුරුවරිය එවූ ‘අමුතු‘ පණිවිඩද දැක තිබේ. ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ” ඔයා ගාව හරි සුවඳයි” ආදී සටහන් තිබී ඇත.බුද්ධිමත්ව කල්පණා කළ පුංචි අම්මා සිසුවාට මේ බව නොහැගවෙන්නට  සියලු තොරතුරු රැස් කළ අතර විදේශගතව සිටින ඔහුගේ දෙමව්පියන්ට කරුණු දන්වා ඇත.

සිසුවාගේ මව දුරකතනයෙන් සිද්ධිය දැනගැනීමෙන් පසුව දින කිහිපයක් ඇතුළතදී යළි මෙරටට පැමිණ මොරගහහේන පොලීසියට සහ අධ්‍යාපන කාර්යාලයට සිද්ධිය ගැන පැමිණිලි කර තිබේ.‍15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර උත්සාහයක් කළ බවට අදාළ සාක්ෂි පොලිසිය දුරකථන පරීක්ෂාව හා කට උත්තර ගැනීම් තුළින් සනාථ කරගත් අතර සැකකාර ගුරුවරිය සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ලබාදී ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.

තොරතුරු වාර්තා කළ පසුව සැකකාර ගුරුවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලකට මාරු කර යැවීමට අධ්‍යාපන බලධාරීහු පියවර ගත්හ. 

අනතුරුව ගුරුවරිය මොරගහහේන පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ 42 හැවිරිදි තිදරු මව සිසුවා සමග අයථා ඇසුර පිළිගෙන තිබේ.හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරිය මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය. අතවරයට ලක්වූ සිසුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කරනු ලැබ සිටී.  

පිළියන්දල ප්‍රදේශයේ මෝටර් රථයක ඇතුලේ සිරවී 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගිහින්



 පිළියන්දල ප්‍රදේශයේ නිවසක නතර කර තිබූ මෝටර් රථයක ඇතුලේ සිරවී එළියට ඒමට නොහැකිවීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවේ.

මාම්පේ , ජයමාවත පිහිටි මෙම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසේ පහළ තට්ටුවේ ගරාජයේ නවතා ඇති වාහනයට ගොස් ඇති මෙම සිසුවා නැවත ඉන් එළියට ඒමට නෙහැකිව ඇතුලේ සිරවී සිටියදී සොයාගෙන ඇත්තේ එම නිවසට ආ මිතුරෙකුට ආ සැකයක් මතයි. නිවසේ දොරවල් සියල්ල විවෘත කර රූපවාහිනියද ක්‍රියාත්මකව පැවතියත් ඇතුලේ කිසිවෙකු නැතියෙන් ඇතිවූ සැකයට සිදු කළ පරීක්ෂාවේදී සිසුවා සිරවී සිටිනු දැක තිබේ.

සිසුවාගේ මිතුරා වටපිට බලද්දී 'කියා පිකන්ටෝ' වර්ගයේ කුඩා වාහනයේ ඇතුලේ සිසුවා වැතිර සිටිනු දැක තිබේ.

සිසුවා වාහනය ඇතුලේ සිහිසුන්ව සිටි නිසාදෝ ප්‍රතිචාර දක්වා නැති අතර එකී මිතුරා සිද්ධිය සම්බන්ධයෙන් රැකියාවට ගොස් සිටි සිසුවාගේ පියාට දැනුම්දුන් පසු පියා පැමිණ සිසුවා එලියට ගෙන රෝහල් ගත කරන්නට කටයුතු කළ අතර රෝහල් දෙකකට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදුන්නත් ඔහු අවාසනාවන්ත ලෙස මියගියේය.


වාහනයේ උණුසුම් තත්වය හා ආඝ්‍රාණයට ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම මත ස්වසන අපහසුතා මත මරණය සිදුවන්නට ඇතැයි වෛද්‍යවරුන් සැක පළ කර තිබේ.


මෙම නිවසේ මව් පියන් සමග මියගිය සිසුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් වැඩිමහල් සොයුරියකුත් වාසය කර තිබේ. සිද්ධිය අවස්ථාවේ එක් නිවුන් සොයුරෙකු හා මව ජයවර්ධනපුර රෝහලට අවශ්‍යතාවකට ගොස් සිටි අතර වැඩිමල් සොයුරිය හා පියා රැකියාවට ගොස් තිබුණි.


සිසුවා වාහනයේ සිරවී ඇති නමුත් කිසිවෙකු ඒ ගැන දැන නොසිටි අතර අහම්බෙන් නිවසට ගොඩවැදුණ මිතුරා නිසා ඔහු ගැන සොයා බලන්නට හැකි විය. නමුත් පැය තුනක් පමණ තිස්සේ ස්වසන අපහසුතා පවතින්නට ඇති බැවින් සිසුවා බේරාගන්නට බැරිව ගියේය.


මාම්පේ , ජයමාවත පදිංචිව සිටි සඳුන් නින්සර නමැති අයෙකු මෙලෙස මියගියේය. දරුවා පිළියන්දල රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙතටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) සවස අවාසනාවන්ත ලෙස මියගියේය.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර මෝටර් රථය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පොලිසිය පැවසුවේය.








කථානායක කිරිඇල්ලට දෙහි කපයි





කාලය කළමනාකරණය කළ යුත්තේ මූලාසනයයි – කිරිඇල්ල

කිසිම තේරුමක් නැති ලෙස පල්හෑලි කතා කරමින් පාර්ලිමේන්තු කාලය නාස්ති කරනුයේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ කණ්ඩායම යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (02 දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තු කාලය කළමනාකරණය කළ යුතු බවට කරන ලද ප්‍රකාශයක් අතරතුර කථානායක මේ බව පැවසීය.

එහිදී මතු වූ කතාබහ මෙසේය.

ප්‍රසන්න රණතුංග මහතා – කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ පක්‍ෂනායක රැස්වීමේදී කාරක සභා අය වැය උදේ 9.30 සිට රාත්‍රි 07.00 දක්වා ක්‍රියාත්මක කරන්න තීරණය වුණා. නමුත් රැස්වීම් ආරම්භයේදී 27/2 යටතේ හෝ වෙනත් කාරණා ඉදිරිපත් කරලා මේ අය දිගින් දිගටම කතා කරනවා. ආණ්ඩුවට තිබෙන්නේ කාලය විනාඩි 257 යි. ඒත් විපක්‍ෂයට විනාඩි 314 ක් තිබෙනවා. එහෙම වැඩියෙන් ලැබිලාත් විපක්‍ෂය උදේට මෙහෙම කරලා රැස්වීම් ආරම්භයත් ප්‍රමාද කරනවා. ඒ වගේම රැස්වීම් අවසන් වන කාලයත් දීර්ඝ වෙලා තිබෙනවා. රාත්‍රි හත පසුවූ දින ගණනාවක් තිබෙනවා. උදේට විපක්‍ෂයේ අය කාලය වැඩියෙන් ගන්නවා නම් ඒ අයගේ කාලය හවසට අඩු කරන්න. නැතුව අපේ කාලයෙන් අඩුකරන්න එපා. අනෙක මේ ප්‍රමාදය නිසා පාර්ලිමේන්තු නිලධාරීන්ට විශාල අසාධාරණයක් වෙනවා. මේ අය බස් රථවලයි යන්නේ. සභාවේ කටයුතු අවසන් වුණත් ඒ අයට තව පැය භාගයක් විතර යනවා ඒ සේවා කටයුතුවලට. ඒ අය උදේ 8.30 ට එන්නත් ඕනෑ. මේක හරි අසාධාරණයි. ඒ නිසා කාලය නිසි පරිදි කළමනාකරණය කරන්න.

කථානායක – ඔය කාරණය දෙපැත්තෙන්ම වෙනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – කාලය කළමනාකරණය කරන්න ඕනෑ මූලාසනයෙන්. නැතුව අපි නෙවෙයි.

කථානායක – බලහත්කාරයෙන් නැගිටලා මෙතන කතා කරනවා විපක්‍ෂයේ අය. ඒත් ඔබතුමාලා ඒක වළක්වන්න කටයුතු කරන්නේ නෑ. ඒක කනගාටුවට කාරණයක්. ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම ඔබතුමාගේ වගකීමක්. ඉතාමත් අශෝභනයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු සමහර වෙලාවට හැසිරෙන ආකාරය. විපක්‍ෂයේ මන්ත්‍රීවරු කතා කරන එක වරදක් නෙවෙයි.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – අපි ඔබතුමා සමඟ අමනාපයක් නෑ. හැමදාම ඔබතුමා උදේට වචනයක් හරි කතා කරන්න දෙනවා. අපි ඒක දන්නවා. අපි නෙවෙයිනේ න්‍යාය පත්‍රය හදන්නේ. ආණ්ඩුවනේ. විපක්‍ෂය න්‍යාය පත්‍රය හදන්නේ නෑ. අපි නවය සහ දහය දිනවලත් විවාදය ඉල්ලුවා. ඒකත් දුන්නේ නෑනේ.

කථානායක – අටවැනිදාට විවාදය නතර කරන්න කියලා ඉල්ලුවේ විපක්‍ෂය. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තිබෙන්නේ කතා කරන්න. නමුත් කිසිම තේරුමක් නැති විදියට පල්හෑලි කතා කරනවායින් මේ කාලය නාස්ති වෙනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – මූලාසනයෙන් සභාව පාලනය කරන්න ඕනෑ.

කථානායක – ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම ඔබ කරන්න. විපක්‍ෂයෙන් වැඩිම කරදරය වෙන්නේ ඔබතුමාගේ කණ්ඩායමෙන්. කිසිම විනයක් නැතිව ක්‍රියා කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

හමුදාවෙන් ජනපතිවරයාට විශේෂ බෑගයක්

 


ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attache Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඊයේ (02 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වනවිට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට සුවිශේෂ බෑගයක් භාවිතා කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.

ඒ අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මඟපෙනවීම මත යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත.

ෆොන්සේකා විමලවීර පාර්ලිමේන්තුවේ යකා නටයි




 පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථාවේ ඊයේ (02දා) පැවැති පරිසර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශවල වැයශීර්ෂයන් සම්බන්ධ විවාදයේදී මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක සහ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එහිදී කලවැද්දා මස් වැද්දා යන වදන් ද ප්‍රකාශ වනු ඇසිණ.

එම විවාදයේ දී අදහස් දැක්වූ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අගල් කැපීමට වත්මන් ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක් වූ ව්‍යාපෘතිය ඉතා මෝඩ එකක් යැයි කීම සහ එය විවේචනය කරමින් අදහස් දැක්වීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති විණි.

සරත් ෆොන්සේකා මහතා –

මේ ආණ්ඩුව පත්වෙලා අලි – මිනිස් ගැටුම් වළක්වන්න අර අම්පාරෙන් පත්වෙලා ආපු මන්ත්‍රීතුමා යෝජනා කළා අලි වැට වෙනුවට අගල් කපන්න. කිලෝමීටර් 7000ක් පමණ අගල් කපන්න. අඩි 10ක් පළල, අඩි 10ක් ගැඹුර ඇති අගල් කපන්න ගියොත් ඇතිවන තත්ත්වය මොකක්ද? මේක කියන කොටම මට නම් තේරුණා ගොනා හැරෙන්නේ පොල්පැලේට කියලා. මේ යෝජනාව වන ජීවී එකෙන් අනුමත කරලාත් නෑ. ඒත් කිලෝමීටර් 05ක් කපලත් තිබෙනවාලු. නීත්‍යනුකූල නැතිව කිලෝමීටර 55ක් කපලා තිබෙනවාලු. ඒ 55 හේම වැලි සහ පස් ටික ඇදලා තිබෙනවා. ඒ විදිහට මුළු රටේම අගල් කැපුවනම් ජල බැස්මට මොකද වෙන්නේ. කොච්චර මෝඩ ව්‍යාපෘතියක්ද කියලා බලන්න මේක. සාමාන්‍ය දැනීමක් තිබෙන මිනිහෙක් මෙහෙම දෙයක් කරයිද? ගොවියෙක්වත් මේ වගේ දේකට අනුමැතියක් දෙයි කියලා මම හිතන්නේ නෑ.

විමලවීර දිසානායක මහතා – මගේ නම කියවුණහම මම ඒකට උත්තරයක් දෙන්න ඕනා. මම මාස 09කින් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා නෑ. ඒයි ඔහේගේ කතාව ඉවරයි මහත්තයෝ, වාඩි වෙනවාකෝ වෙල් විදානේ. අගල් කපපු එක මෝඩ වැඩක් නම් අලි මිනිස් ගැටුම වළක්වන්න මොනවද කළේ. එයා මොනවාද ඇමැති කාලේ කළේ, මොකක්ද? කලවැද්දා. හැටදාහක්, හැත්තෑදාහක් මරලා දැන් අපට මෙතන උපදෙස් දෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

© all rights reserved
Designed by IDAPZ