Responsive Ad Slot

ලිට්රෝ සමාගමෙන් 2023 වර්ෂයේදී රුපියල් බිලියන තුනක ලාභයක් රාජ්‍ය භාණ්ඩාගාරයට.

 

දැඩි ආර්ථික අවපාත හමුවේ ඉදිරියට යමින් රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම  2023 වර්ෂයේ ලාභය ලාභාංශ විදිහට රජයට ගෙවීමට තීරණය කර තිබෙනවා. රුපියල් බිලියන 1.5 මුදලක් ජාතික රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගමේ මව් සමාගම හරහා  රජයේ භාණ්ඩාගාරය වෙත එකී මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතයි.

මීට කලින් ඔක්තෝබර් මාසයේදීත් බිලියන එක හමාරක මුදලක් ලිට්රෝ  සමාගම රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගෙවූ අතර,මේ ලෙස අද දින නැවතත් මේ මුදල් ගෙවීම සිදු කරන්නේ ලිට්රෝ  සමාගම ගෙවන දෙවැනි රුපියල් බිලියන එක හමාර ලෙසයි.සමස්තයක් ලෙස ගත් විට 2023 වර්ෂය සඳහා ලිට්රෝ  සමාගම ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන තුනක මුදලක් ගෙවා ඇති බවට අද දින පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාවේදී ලිට්රෝ සභාපතිතුමා සඳහන් කලා.

අපමණ අභියෝගතා පැවතියත් එවැනි කාල වකවානුවක් තුළ රජයට ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට මුදල් ඇවැසි මොහොතක රුපියල් බිලියන තුනක ලාභයක මුදලක් රාජ්‍ය ආයතනයක් වශයෙන් ගෙවීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ලිට්රෝ  ආයතනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සභාපති තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

වැට් බදු වැඩිවීමත් සමගම ලිට්රෝ ගෑස් සමාගමේ සංශෝධනය වූ නවතම මිල ගණන්

 


2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය තීරණය ගත් පරිදි වැඩ බදු සංශෝධනය සිදුකිරීම නිසා මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වර්තමාන මිල පෙර මිලට වඩා ඉහලයාම සිදුවුණා. ඒ අතරින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලත් මේ ආකාරයේ සංශෝධනය වීමක් සිදුවුණා.

2024 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් ඉහළ දැමීම සිදු කල අතර ඒ අනුව 12Kg සිලින්ඩරයක වර්තමාන මිල රු.4250 ක් ලෙස සංශෝධනය වන විට 5Kg ගෑස් සිලින්ඩරය මිල රු. 276කින් වැඩි වන අතර එහි වර්තමාන මිල රුපියල් 1707 ලෙස සඳහන්.

ඒ වගේම 2.3kg කුඩාම ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 157 කින් ඉහළ දමන අතර එහි වර්තමාන මිල රුපියල් 795 ක් ලෙස සඳහන්.

වෙළඳපොළ තුළ පවතින අනෙකුත් ගෑස් බෙදාහැරීමේ ආයතනය 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4705.00ක් ලෙස ඉහළ දමද්දී 5Kg එක මිල රු 1885.00ලෙස ඉහළ ගිය අතර, 2Kg ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රු.755.00 ලෙස නියම කිරීමට තීරණය කළා.

නමුත් වෙළඳපල තුළ පවතින අනිකුත් ගෑස් සැපයුම් සමාගමට වඩා රුපියල් හාරසීයක් පන්සීයක් අතර ප්‍රමාණයේ සහනදායි මිල අවස්ථාවක් ලිට්රෝ සමාගම සිය පාරිභෝගිකයට ලබා දී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 99%ක්ම මේ මිල ඉහල යාම සිදුවුණේ රජය පැනවූ වැට් බදු නිසා බව ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මැතිතුමා සඳහන් කළා. වර්තමානයේ ගෑස් මිල ගියවර මිල සමග සංසන්දනය කරන විට සාමාන්‍යයෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ යාමක් සිදු වුණා.

කෙසේ නමුත් රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ක්‍රියාත්මක වූ මේ වැට් බදු ඉහළ දැමීම නිසා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක

මිල ඉහළ යාමක් සිදුවුණත් ඉදිරියේදී මිල පහත හෙළීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ලිට්රෝ සමාගම සූදානම් බව ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළා.
© all rights reserved
Designed by IDAPZ