Responsive Ad Slot

මූල්‍ය පීඩනයෙන් හෙම්බත් වූ ජනතාවට ලිට්රෝ සමාගම ලබාදුන් සහනය

දැඩි බදු බර යටතේ සාමාන්‍ය ජීවිතය ගත කරන බහුතරයක් දෙනා අද වෙද්දිත් මූල්‍ය අර්බුද රැසකට මුහුණ දෙමින් ජීවිතය ගත කරනවා කියන දේ අමුතු කතාවක් නෙවෙයි.ඒ වගේම ජනතාවට අත්‍යවශ්‍යම පාරිභෝජන භාණ්ඩයක් ලෙස එල්.පී.ගෑස් මිල වෙනස් වීම් සම්බන්ධයෙනුත්  නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජය තුළ විවිධ කතිකාවන් ගොඩනැගුණා.

ලංකාවේ ප්‍රමුඛතම එල්පී ගෑස් සැපයීමේ මූලිකත්වය දරන ලිට්රෝ සමාගම  දැඩි ආර්ථික අවපාතය හමුවේ විටින් විට ජනතාවට විවිධ සහන ලබාදීම සිදුකළා.ඒ සහනදායී අවස්ථාවන් යටතේ දෛනික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත් බහුතරයක් දෙනාට මේ මාසෙත්  ලිට්රෝ සමාගමෙන් සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා.

මේ කාල සීමාව ජාත්‍යන්තර වෙළඳපළේ ගෑස් මිල ඉහල ගිහින් පවතින කාලසීමාවක්.නමුත් එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක උනත් ආයතනයක් වශයෙන් තමන්ට දරන්නට සිදුවන පාඩුව විඳ දරාගෙන පෙබරවාරි මස තුළදී කිසිදු ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කිරීමක් සිදු නොකිරීමට සමාගම තීරණය කර ඇති බවට ලිට්රෝ  සභාපතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කළා.

 මේ ආකාරයෙන් හෝ යම්කිසි සහනයක් ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳව ලිටරෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා හදවතින්ම සතුටු වන බවටත් අවසානයේ ප්‍රකාශ කළා.

ආර්ථික අවපාතය යටතේ ජනතාවට සහන සැලසීමට ලිට්රෝ සමාගම ගත් හොඳම තීරණය

ලංකාවේ බොහොමයක් ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ලිට්රෝ  ගෑස් සමාගම කියන්න බහුතරයක් දෙනා දන්නවා. ආයතනයක් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම නොයෙකුත් දුෂ්කර කාල වකවානුවක් තුළ ශක්තිමත් වෙමින් අද වන විට ස්ථාවරත්වයක් ගොඩනගාගෙන අවසන්. පසුගිය දවසක ඔවුන් විසින් උපයා ගත් ලාභාංශ මුදලින් රුපියල් බිලියන තුනක මුදලක් රජයේ භාණ්ඩාගාරය වෙත ප්‍රධානය කිරීමත් සිදුවුණා.

වර්තමානයේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ අර්බුදකාරී තත්ත්වය,ලෝක අර්බුදකාරී තත්ත්වයන්,නැව් ගමනා ගමන ගාස්තු ඉහල යාම වැනි සාධක මත එල්.පී ගෑස් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.ඒ නිසාම ජාත්‍යන්තර වෙළඳපළේ මේ වෙද්දීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වෙන්නේ ඉහළ මිලකට.

නමුත් ලිට්රෝ සමාගම මේ පවතින අධික බදු බර නිසා නැවත වතාවක් ජනතාවට පීඩනයක් නොදීමට ජාත්‍යන්තර වෙළඳපළ තුළ එල් පී ගෑස් මිල කොතරම් ඉහළ ගියත් එකී පාඩුව විඳ දරාගෙන  පෙබරවාරි මසදීත් කිසිදු මිල වෙනස් කිරීමකින් තොරව සමාගමක් වශයෙන් ඉදිරියට යාමට තීරණය කර ඇත.

ඉතින් සුවහසක් පරිභෝජකයන්ට මේ අවස්ථාව සහනදායී අවස්ථාවක්.දුර දක්නා නායකත්වය නිසි කලට වෙලාවට ඇවැසි තීරණ ගැනීම,ලාභ පාඩුව විඳ දරා ගැනීමට හැකි ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ගොඩනගා ගැනීම වැනි සාර්ථකත්වයන් නිසා ලිට්රෝ  සමාගමට අද දින මෙම සහනය ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා.

අවසානයේ ලිට්රෝ  සමාගමේ ගරු සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කළේ ජනතාව වෙනුවෙන් ආයතනයක් වශයෙන් දැරීමට සිදුවන අලාභය විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් බවයි

© all rights reserved
Designed by IDAPZ