Responsive Ad Slot

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳව පනත ගැන ජනපති කිව්වේ ඇත්තද?

 

පසුගිය ජූනි 18 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එම දිනයේදීම සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු අමතා ඔහු කිව්වේ, “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අනුව නම් කාන්තාවන්ට මේ රටේ සමානාත්මතාවයක් ලබාගන්නට බැරි” බවයි.එම තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසාත්’එමගින් බුද්ධාගමට තිබෙන ආරක්ෂාව ඉවත්වන නිසාත් ඒ පිළිගන්නට බැරි බව ඔහු කීවේය.ජනාධිපතිවරයා වශයෙන් ඔහුට අයත් සම්පූර්ණ ගෞරවය ඇතිව මා සඳහන් කරන්නේ,පාර්ලිමේන්තුවේදීත් සිරිකොතේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රකාශ කරන ලද කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එමඟින්  පාර්ලිමේන්තුවත්,ජනතාවත්,නොමග යවා ඇති බවත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මුක්තියට මුවා වී අධිකරණයට අපහාස කර තිබෙන බවත්ය.

-ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ-

පාරිභෝගික ජනතාවට සහන සලසමින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කරයි

 


ජාත්‍යන්තර වෙළඳපළේ මේ කාල සීමාවේදී  ගෑස් නිෂ්පාදිතයේ විශාල වශයෙන් මිල අඩුවීමක් සිදු නොවුනත්  නිරන්තරයෙන්ම පාරිභෝගික ජනතාව ගැන සිතන ලිට්රෝ සමාගම පසුගිය මාස කීපයේදීම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීම සිදු කළා.

නැවත වතාවක් ලාභය ගැන නොසිතන හුදෙක් පාරිභෝගික ජනතාව ගැන සිතන ලීටර් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට කටයුතු කර ඇත.ඒ අනුව,

12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වන අතර එහි නව මිල රු.3790.00වන අතර

5Kg සිලින්ඩරයක මිල රුපියල් 60 කින් අඩු වූ අතර එහි නව මිල රු.1522.00 ලෙස සඳහන් වන අතර

2.3 Kg සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වන අතර එහි නව මිල රු.712.00ක් ලෙස සඳහන්වේ.

මිල අඩුවීමෙ නිල නිවේදනය ලිට්රෝ  සභාපති ගරු මුදිත පිරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම 2024.06.04 දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

© all rights reserved
Designed by IDAPZ