Responsive Ad Slot

Slider

slide 23 to 28 of 12

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳව පනත ගැන ජනපති කිව්වේ ඇත්තද?

 

පසුගිය ජූනි 18 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එම දිනයේදීම සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු අමතා ඔහු කිව්වේ, “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අනුව නම් කාන්තාවන්ට මේ රටේ සමානාත්මතාවයක් ලබාගන්නට බැරි” බවයි.එම තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසාත්’එමගින් බුද්ධාගමට තිබෙන ආරක්ෂාව ඉවත්වන නිසාත් ඒ පිළිගන්නට බැරි බව ඔහු කීවේය.ජනාධිපතිවරයා වශයෙන් ඔහුට අයත් සම්පූර්ණ ගෞරවය ඇතිව මා සඳහන් කරන්නේ,පාර්ලිමේන්තුවේදීත් සිරිකොතේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රකාශ කරන ලද කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එමඟින්  පාර්ලිමේන්තුවත්,ජනතාවත්,නොමග යවා ඇති බවත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මුක්තියට මුවා වී අධිකරණයට අපහාස කර තිබෙන බවත්ය.

-ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ-

0

No comments

Post a Comment

both, mystorymag