Responsive Ad Slot

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව මිල අඩුවූ භාණ්ඩ ලැයිස්තුව පහතින් දක්වා ඇත.

සතොස කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910කි

මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වූ අතර නව මිල රුපියල් 965කි.

හාල්මැස්සන් කිලෝවක පැවති මිල  රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950කි

ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285කි

කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444කි

පාන් පිටි කි‍ලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185කි

සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258කි

සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල  රුපියල්199කි 

පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185කි

ලංකාවේ ජනප්‍රියම සරාගී තරුවට චෝදනා රැසක්

 


පසුගිය දවසක පියුමි හංසමාලි අයතා ලෙස මුදල් ඉපයුවා කියන චෝදනා මත අපරාධ විමර්ශන ඒකකය මගින් ප්‍රශ්න කිරීමට ලක් කලා.

පියුමි සල්ලි හම්බ කරේ නීත්‍යානුකූල විදිහටද?මේ තරම් සල්ලි හම්බවෙන්න පියුමි කරන බිස්නස් මොනවද?ඇගේ ධනස්කන්ධය පිටුපස ප්‍රබල පාතාල නායකයෙක් ඉන්නවා ද?  

ඉතින් මේ කියන හැම දේම සදහන් පියුමිගේ ඇත්තම කතාව දැනගන්න පහත ලින්ක් එක ක්ලික් කරලා වීඩියෝව බලන්න.


රේගුවත් වැඩ වර්ජනයකට සැරසෙයි

වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් අද (03) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින වැඩ වර්ජනයක නිරත වන බවයි.



ලිට්රෝ ගෑස් මිල අඩුවූ හැටි මෙන්න

අද (02) මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,690ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් වෙනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 694ක් ලෙසයි දැක්වෙන්නේ.




මත්පැන් පානය කොට කලබලකාරී ලෙස දුම්රිය පැදවූ රියදුරුට වැඩ වරදි

පෙරේදා (30) කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත

කොළඹ සිට මහනුවර බලා ඊයේ පෙරවරු 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වන අතර බොහෝ දෙනෙක්ගේ අවධානයට ද ඔහු ලක් විය.

ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල ප්‍රදේශයේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා එම දුම්රිය නුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර තිබුණි.

පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගෙන ඇති අතර මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව 1.40ටය. එහෙත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් පවසයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වසර තුනකට අච්චු වුණු හිරුණිකාගේ නොදත් කතාව

පසුගිය දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  වසර තුනකට බරපතල වැඩ සහිතව සිරගෙට නියම වූ අතර ඇයගේ  සත්‍ය කතාව පහත  වීඩියෝවේ සඳහන්.පහත ලින්ක් එක ක්ලික් කරලා සම්පූර්ණ කතාව බලන්න.


© all rights reserved
Designed by IDAPZ