Responsive Ad Slot

Slider

මත්පැන් පානය කොට කලබලකාරී ලෙස දුම්රිය පැදවූ රියදුරුට වැඩ වරදි

පෙරේදා (30) කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත

කොළඹ සිට මහනුවර බලා ඊයේ පෙරවරු 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වන අතර බොහෝ දෙනෙක්ගේ අවධානයට ද ඔහු ලක් විය.

ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල ප්‍රදේශයේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා එම දුම්රිය නුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර තිබුණි.

පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගෙන ඇති අතර මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව 1.40ටය. එහෙත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් පවසයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ